September 12, 2013

හදවත අච්චු ගැසීම සහ ත්‍රිමාණ මුද්‍රණය යනු කුමක්ද?

ත‍්‍රිමාණ මුද්‍රණය ලෝකය වෙනස් කරයිද?
ත‍්‍රිමාණ මුද්‍රණය පුදුම සහගතය. ත‍්‍රිමාණ ඩිජිටල් ගොනුවක් (වස්තුවක රූපයක්) භාවිතා කර එම ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය සැබෑ සත්‍ය භෞතික වස්තුවක් ලෙස මෙම ත‍්‍රිමාණ මුද්‍රණය මඟින් ලබා ගත හැකිය.
මෙය පහසු අදියර දෙකකින් ක‍්‍රියාත්මක වේ.පළමු පියවර අන්තර්ජාලයෙන් සොයා ගත් හෝ ඔබ විසින් නිර්මාණය කල ත‍්‍රිමාණ ඩිජිටල් වස්තුවක රූපය සකසා ගැනීමයි. දෙවන පියවර එම ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය වෙත යොමු කර ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය මඟින් එය සැබෑ සත්‍ය භෞතික වස්තුවක් ලෙස මුද්‍රණය කිරීමයි. මෙහිදී සිදුවන්නේ ඔබගේ ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූපය ඉතා තුනී ස්ථර (තල කැබලි /ඉතා සිහින් කඩදාසි ඝනකමට කැපු තීරු ) ලෙස ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රය හඳුනාගෙන එම තුනී ස්ථර (තල කැබලි /ඉතා සිහින් කඩදාසි ඝනකමට කැපු තීරු ) එක මත එක ස්ථරය සිටින සේ ත‍්‍රිමාණ මුද්‍රණ යන්ත‍්‍රයෙන් මුද්‍රණය කිරීම මඟින් වස්තුව සැබෑ ලෙස ගොඩනැගීමයි.
උදා: පිපිඤ්ඤා ගෙඩියක් කඩදාසි පිටුවකට වඩා සිහින් ඝනකම සහිත තීරුවලට කපා එම තීරුවල ස්කෑන් රූප වෙනත් අමුද්‍රව්‍යයකින් එක තීරුවක් මත අනෙක් තීරුව වශයෙන් මුද්‍රණය කර වෙනත් අමුද්‍රව්‍යයක පිපිඤ්ඤා ගෙඩියක් සාදා ගැනීම.
මේ අනුව ඔබට ඔබේ සිතැඟි නිර්මාණය කළහැකි ත‍්‍රිමාණ ඩිජිටල් සංකීර්ණ වස්තු රූපයක් වුවද සැබෑ සත්‍ය භෞතික ත‍්‍රිමාණ වස්තුවක් ලෙස ලබා ගත හැකිය.
මෙලස විවිධ අමුද්‍රව්‍ය වලින් සැදු අත් වැසුම්, පිටසක්වල ජීවීන්ගේ මුහුණු, හිස් කබලක්, ආබාධිතයින් සඳහා විවිධ ආධාරක, ගිටාර, ගුරුවරුන් සඳහා අධ්‍යාපනික මෙවලම්, නැවක්, සපත්තු කුට්ටම්, I phone කොටස් යනාදී විවිධ ත‍්‍රිමාණ ඩිජිටල් වස්තු රූප භෞතික වස්තු ලෙස ත‍්‍රිමාණ මුද්‍රණය කර ලබා ගන්නා අයුරු වීඩියෝවේ සටහන් ව ඇත.


ත‍්‍රිමාණ මුද්‍රණය සඳහා අමුද්‍රව්‍ය ලෙස ශක්තිමත්, නම්‍යශීලි, විවිධ වර්ණ සහිත, විනිවිද පෙනෙන, සියුම් නිමාවන් කල හැකි වැනි ලක්‍ෂණ/ගුණාංග සහිත විවිධ ප්ලාස්ටික් වර්ග, රත්තරන්, රිදී, මල නොබැඳෙන වානේ, තඹ වැනි විවිධ ලෝහ වර්ග, රබර් මෙන් ලක්‍ෂණ/ගුණාංග සහිත අමුද්‍රව්‍ය හා පිඟන් මැටි, ඩයි වර්ග, විවිධ ලෝහ හා ස්පේ‍්‍ර ආලේපන, වෙල්වට් (velvet) වැනි නිමැවුම් වර්ග යනාදී අමුද්‍රව්‍ය 60 කට වැඩි සංඛ්‍යාවක් දැනට භාවිතා වන බව පැවසේ.
ත‍්‍රිමාණ මුද්‍රණයේ ආර්ථික බලපෑම
 ඕනෑම කෙනෙකු තමාට අවශ්‍ය වස්තුවේ (උපකරණය, භාණ්ඩය, නිර්මාණය) ත‍්‍රිමාණ ඩිජිටල් රූපයක් අන්තර්ජාලයට ඇතුළු කර එහි සැබෑ සත්‍ය භෞතික වස්තුව ඇනවුම් කල විට අන්තරජාල ත‍්‍රිමාණ මුද්‍රණ ප‍්‍රජාව හා වෙළඳපොල කණ්ඩායම (Online 3D Printing community market place) එය ත‍්‍රිමාණ මුද්‍රණය කර භෞතික වස්තුවක් ලෙස ඔබට ලබා දෙනු ඇත.ඔබට එම වස්තුව වෙනත් කෙනෙකුට අලෙවි කළ හැකිය.
ත‍්‍රිමාණ මුද්‍රණයේ ආර්ථික බලපෑම හෝ නාස්තිය අවම වීම පිළිබඳ වීඩියෝවේ දක්වා ඇති කරුණු අවබෝධය පහසුව පිණිස පහත උදාහරණයෙන් අපි ඔබට එය ඉදිරිපත් කරමු.
උදා: එකම වයසේ පාසල් සිසුන් 100 දෙනෙකුට සපත්තු කුට්ටම් 100 ක් මිලට ගැනීම අවශ්‍ය යයි සිතමු. එවිට නිෂ්පාදකයෝ විවිධ මෝස්තර20 ක් වත් වෙළඳපලට ඉදිරිපත් කරනු ඇත.ඒසමඟම කුමන මෝස්තරය කුමන ප‍්‍රමාණයකින් අලෙවි වේ යයි නොදන්නා බැවින් දල වශයෙන් සෑම මෝස්තරයකින්ම සපත්තු කුට්ටම් 40 ක් පමණ සාදනු ඇත.එනම් සපත්තු කුට්ටම් 100 ක් විකිණීමටසපත්තු කුට්ටම් 800 ක් පමණනිෂ්පාදනය, ප‍්‍රදර්ශණය, ගබඩා කිරීම, ප‍්‍රචාරණය,ප‍්‍රවාහනය වැනි දේ කල යුතුය.එවිට පාරිභෝගිකයාට 01 සපත්තු කුට්ටමක් සඳහා සපත්තු කුට්ටම් 08 ක මිලක් ගෙවීමට සිදු වේ. විශාල අමතර නිෂ්පාදනයක් සිදුවීම නිසා විශාල ශ‍්‍රම, අමුද්‍රව්‍ය, මුදල් වැනි සම්පත් නාස්තියක් සිදු වේ.
එහෙත් ත‍්‍රිමාණ මුද්‍රණයෙන් සපත්තු කුට්ටමක් මිලඳී ගැනීමේදී මෙවැනි අමතර සපත්තු නිෂ්පාදනය, ප‍්‍රදර්ශණය, ගබඩා කිරීම, ප‍්‍රචාරණය, ප‍්‍රවාහනය අවශ්‍ය නොවේ.ඔබට අවශ්‍ය සපත්තුවේ ත‍්‍රිමාණ ඩිජිටල් රූපය ඔබම අන්තරජාලයෙන් තෝරා හෝ සකස් කර එහි සැබෑ සත්‍ය භෞතික සපත්තු කුට්ටමක් ඇණවුම් කල විට අන්තරජාල ත‍්‍රිමාණ මුද්‍රණ ප‍්‍රජාව හා වෙළඳපොල කණ්ඩායම මඟින් ඔබ වෙනුවෙන්ම පමණක් එම සපත්තු කුට්ටම ත‍්‍රිමාණ මුද්‍රණය කර ඔබට සපයනු ඇත.
වීඩියෝව ඉදිරිපත් කර ඇති බොහෝ වස්තූන්, ප්ලාස්ටික් හෝ රබර් වලට සමාන ලක්‍ෂණ/ගුණාංග සහිත අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති බැව් හැඟෙන බැවින් සපත්තු ස්වාභාවික සම් වලින් නිෂ්පාදනය කල හැකිද ප‍්‍රශ්ණය පැන නගී.වීඩියෝව අවසාන කොටසේ මිනිස් හදවත්/ආහාර/ස්වාභාවික කොරල්පර ත‍්‍රිමාණ මුද්‍රණය කල හැකි යැයි සඳහන් වීමෙන් හා දැනටමත් අමුද්‍රව්‍ය වර්ග 60 කට වැඩි ප‍්‍රමාණයක් ත‍්‍රිමාණ මුද්‍රණය සඳහා යොදා ගැනීම මඟින් ත‍්‍රිමාණ මුද්‍රණය කරන සපත්තු සඳහා ස්වාභාවික සම් වල ලක්‍ෂණ/ගුණාංග සහිත අමුද්‍රව්‍යද යොදා ගනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.
ත‍්‍රිමාණ මුද්‍රණයේ පිටපත් කිරීමේ හිමිකම්
තවමත් ළඳරු වියේ පවතින ත‍්‍රිමාණ මුද්‍රණයට දැනට පිටපත් කිරීමේ හිමිකම් අහුරා නොමැති ඕනෑම වස්තුවක් ත‍්‍රිමාණව මුද්‍රණය කර අලෙවි කළ හැක.මෙම ලිපිය දීර්ඝ වීම වැලැක්වීමට වීඩියෝවේ දක්වා ඇති කරුණු විග‍්‍රහ නොකිරීම සම්බන්ධව කණගාටු වෙමු.
ත‍්‍රිමාණ මුද්‍රණයේ අනාගතය
නිර්මාණකරුවෙකු හෝ එසේ නොවන ඕනෑම පුද්ගලයෙකුට අනාගතයේදී ත‍්‍රිමාණ මුද්‍රණයට සම්බන්ධව කටයුතු කළ හැක.ජෛව සෛල වල ත‍්‍රිමාණ ව්‍යුහ වැනි සංකීර්ණ ව්‍යුහ වලින් රුධිරසෛල, සමේ පටක(ඉතා සියුම් වියමන්)මෙන්ම රෝහල් වලදීම වෙනත් අයෙකුගේ හදවතක් නොව ඔබගේ ජාන, සෛල භාවිතයෙන් ඔබට හදවතක් ත‍්‍රිමාණ මුද්‍රණය කිරීමට හැකිවනු ඇතැයිඒ පිළිබඳ පරීක්‍ෂණ වල නියුතු විද්‍යාඥයින් අදහස් පළ කරයි.ජපානයේ සමාගමක් ගැබිණි මව්වරුන්ගේ ස්කෑන් ජායාරූපය වෙනුවට ඔවුන්ගේ උදරය (දරුවාද සමඟ) ත‍්‍රිමාණ ස්වරූපය භෞතික නිමැවුමක් ලෙස ලබා දීමට කටයුතු කරන බව දැක්වේ.
ත‍්‍රිමාණ මුද්‍රණයෙන් ආහාර නිෂ්පාදනය ත‍්‍රිමාණ මුද්‍රණ විශේෂඥයින් විසින් අත ගසා ඇති අපගේ නිවස රසවත් කල හැකි තවත් නිර්මාණයකි.
පරිසරයේ විනාශ වී ඇති කොරල්පර නැවත වැඞීමට තවත් අවුරුදු 1000 කට වඩා ගත වේ. එම කොරල්පර ආකෘති මුහුදින් ලබා ගෙන ඒවා ත‍්‍රිමාණ මුද්‍රණය කිරීමට විශේෂඥයින් උනන්දු වේ.
කම්බියකින් කුරුල්ලෙකු සාදන ආකාරයට එයට වඩා ඉතා පහසු ලෙස ත‍්‍රිමාණ මුද්‍රණ අමුද්‍රව්‍ය යොදා ගෙන කුරුල්ලෙකු සාදන අයුරු දක්වන වීඩියෝ කොටසින් ඔබට ත‍්‍රිමාණ මුද්‍රණයේ පහසුව හඳුනාගත හැක.
වඩාත් සිත් ගන්නා අංගය පොදු ජනතාවට ත‍්‍රිමාණ මුද්‍රණය සඳහා පහසුකම් ලැබීමෙන් විවිධ ක්‍ෂේත‍්‍ර වල නව නිපැයුම් විශාල ලෙස අනාගතයේදී ත‍්‍රිමාණ මුද්‍රණය තුලින් එළිදැක්විය හැකි වීමයි. 3D Printing වෙබ් පිටු තුලින් ඔබට මේ පිළිබඳ තවත් බොහෝ තොරතුරු දැනගත හැකිය.
බොහෝ දෙනා සිතන පරිදි ප‍්‍රමාණවත් සම්පත් නොමැති නිසා මෙවැනිදේ අපට ලබා ගත නොහැකි බැවින් ඒ ගැන කාලය මිඩංගු නොකර කළ හැකි යමක් කිරීම වඩා උචිතයි යන්න ප‍්‍රායෝගික සත්‍ය වුවත් අප මේවා ලබා ගැනීමට උත්සහ කළ යුතුයි. අපට නොලැබුනද අපේ අනාගත මනුෂ්‍ය පරම්පරාවෙන් කොටසකට හෝ මෙම නිර්මාණ වල ප‍්‍රතිඵල භුක්ති විඳීමට ලැබේවි යන අප තුලඇතිවන පරාර්ථකාමී සතුට මෙය කියවීමට හා නැරඹීමට ගත කරන සුළු කාලයට ප‍්‍රමාණවත් වටිනාකමක් ලබා දී ඇතැයි විශ්වාස කරමු.


උපුටාගැනීම: http://www.youtube.com/watch?v=X5AZzOw7FwA&noredirect=1

7 comments:

දැනුවත් වීම අප සැමගේ අනාගත සුභසිද්ධිය සඳහා අගනේය. මෙවැනි ලිපි පල කිරීම ගැන ස්තුතියි.

හදවත අච්චු ගැසීම සහ ත්‍රිමාණ මුද්‍රණය යනු කුමක්ද? ~ ප්‍රභාස්වර >>>>> Download Now

>>>>> Download Full

හදවත අච්චු ගැසීම සහ ත්‍රිමාණ මුද්‍රණය යනු කුමක්ද? ~ ප්‍රභාස්වර >>>>> Download LINK

>>>>> Download Now

හදවත අච්චු ගැසීම සහ ත්‍රිමාණ මුද්‍රණය යනු කුමක්ද? ~ ප්‍රභාස්වර >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment