August 3, 2017

කෑම පිගානක ඡායාරූපයෙන් ආහාරය හා වට්ටෝරුව

නුපුරුදු ආහාරයන් පිසීම තවදුරටත් අනුමානයෙන් කළයුතු නැත.
සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයෝ සාමාන්‍යයෙන් රසවත් ආහාරවල ජායාරුප එම මාධ්‍යවල පළකිරීමට ප්‍රිය කරති. එම ජායාරුපවලින් ලබා ගන්නා වෙනත් ප්‍රයෝජන සීමිත වන අතර  ජංගම දුරකතනවල පළවන එම ජායාරුප පිළිබද ප්‍රේක්ෂකයන්ගේද වැඩි අවධානයක් ඇති නොවේ. කෙසේවෙතත් කවදා හෝ රස විදි එහෙත් නුපුරුදු ආහාරයක නම හා එය නිවසේදී පිළියෙල කර ගැනීමට අවශ්‍ය වට්ටෝරුව ලබා ගැනීම සදහා ළගදීම එම ආහාරයේ ඡායාරූපයක් පමණක් ප්‍රමාණවත් වනු ඇත.

ඡායාරූපයක් නිරීක්ෂණය කර එහි ඇති ආහාරය කුමක්ද සහ ආහාරය නිපදවීමේ වට්ටෝරුව පිළිබදව අනාවැකි පල කළ හැකි වූ පරිගණකය මගින් භාවිතා කරන ඇල්ගොරිතමයක් (විශේෂ ක්‍රමලේඛකයක්) නිර්මාණය කිරීමට පර්යේෂකයෝ සමත් වූහ.

ඉවුම් පිහුම් පිළිබද වෙබ් අඩවි බොහෝ ගණනකින් ලබාගත් මිලියනයකට වැඩි පිසින ලද ආහාරවල ඡායාරූප සහ ඒවායේ වට්ටෝරුවලින් පරිපූර්ණ කරන ලද ඇල්ගොරිතමය මගින් ඡායාරූපයට අදාළ ආහාරය හා එහි වට්ටෝරුව නිවැරදිව හදුනාගැනීමේ ප්‍රතිශතය 65%ක් විය. ඇල්ගොරිතමයේ නිර්මාතෘවරයා වූ තාක්ෂණය සම්බන්ධ මැසමුසෙට්ස් ආයතනයේ ( Massachusetts Institute of Technology / MIT) Nick Haynes ප්‍රකාශ කරනුයේ එහි නිරවද්‍යතාවය තවදුරටත් ඉක්මනින්  වර්ධනය කල හැකි බවයි.

ඉදිරිපත් කරන ලද ඡායාරූපය උදාහරණයකට විස්කෝතු නම් ඇල්ගොරිතමය වූ කෘතිම බුද්ධියට විස්කෝතු සෑදීමට පිටි, බිත්තර සහ බටර් අවශ්‍ය බව ප්‍රකාශ කළහැකිය. එහෙත් වට්ටෝරුවකින්  එය සකස් කරගන්නේ කෙසේ දැයි දැක්වීමට කෘතිම බුද්ධිය තවම සමත් වී නැත.

තවද, ළුණු අර්ධ ලෙස බැදීම, සම්පූර්ණ බැදිම ලෙස වෙන් වෙන්ව නිපදවීමේ ක්‍රියාවලිය ඉදිරිපත් කිරීමට ඇල්ගොරිතමයට දැනට නොහැකි නමුත් එම හැකියාවද ඉක්මනින් ලබාගනු ඇතැයි Haynes  සදහන් කරයි. අන්තර්ජාලයේ වඩාත් ප්‍රසිද්ධ ආහාරයන්  වූ විස්කෝතු හා මෆින්  (Muffin)  වැනි ආහාර හදුනාගැනීම පහසු වුවත් සුෂි රෝල් වල ඇති සැගවුනු වට්ටෝරුද  හදුනාගත නොහැක.

වඩාත් දියුණු  ඇල්ගොරිතමයන් මගින් මිනිසුන්ට තම දෛනික ආහාර රටාව, ලබාගන්නා කැලරි ප්‍රමාණය යනාදිය පැවසීමට හැකිවීම නිසා එය ඉතා ප්‍රයෝජනවත් බව ලන්ඩනයේ Queen Mary විශ්ව විද්‍යාලයේ Hamed Haddadi පවසයි. My Fitness Pal වැනි මෘදුකාංග මගින් ආහාරවලින් ලැබෙන කැලරි ප්‍රමාණය දැකගත හැකි නමුත් ඒ සදහා ආහාරයේ ඡයාරූපය නොව ආහාරය පිළිබද බොහෝ තොරතුරු අප විසින්ම පරිගණකයට ලබාදිය යුතු වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :හර්ෂ ලංකේශ්වර

 https://youtu.be/qp5yOfcBXq0?t=24

0 comments:

Post a Comment