August 15, 2017

නාසා ආයතනය නිපදවමින් සිටින නවතම ගුවන්යානා පියාපත්.



සඳ මතට සහ අඟහරු වෙතට රොකට් යැවීමට ප්‍රසිද්ධ ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය  ඒවායේ දර්ශන ගුවන් යානා මගින්  පෘථිවිය මතට ලබා දේ . නාසා ආයතනයේ ඉංජිනේරුවන් විසින්  ගුවන් යාන වල හැඩය වෙනස් කර ඒවායේ ක්‍රියාකාරීත්වය දියුණු කර ඒවා වාතයේ හසුරුවන ආකාරය වැඩි දියුණු කිරීමටත් කටයුතු කරමින් සිටී.
  1. SPANWISE අනුවර්තක පියාපත්
නාසා ආයතනයේ ඉංජිනේරුවන්, බෝයිං සහ Area-I ගුවන් යානා සමාගම් සමඟ නවතම ගුවන්යානා සංවර්ධනය කටයුතු කරමින් සිටී. ඔවුන් දශක ගණනාවක් තිස්සේ Folding පියාපත් මේ ගුවන්යානා වලට භාවිතා කර තිබේ. 

මෙහි ප්‍රවේශය 1960 වසරේ ඇමරිකාවට න්‍යෂ්ටික බෝම්බ හෙලීම නිසා XB-70 Valkyrie යානයේ නිමැවුමත් සමඟ ආරම්භ වී ඇත. SPANWISE අනුවර්තක පියාපත් නවීන තාක්ෂණය සහ නවීන ද්‍රව්‍ය භාවිතා කර 21 වන සියවසයේදී නිමවා  අවසන් කිරිමට ඉංජිනේරුවන් අපේක්ෂා කරන මේ SPANWISE පියාපත් නිසා ගුවන් යානා ස්ථාවරත්වය ඔප්පු වන බවත් ඔවුන් විශ්වාස කරනවා.
කැලිෆෝනියාවේ නාසා Armstrong ගුවන්  පරයේෂණ මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්,ජිනියාවේ ලැන්ග්ලී පරයේෂණ මධ්‍යස්ථානයේ සහ ඔහියෝ ග්ලෙන් පරයේෂණ මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් සමඟ මෙම SPANWISE පියාපත් (SAW) සංකල්පය දියුණු කිරීමට කටයුතු කරන අතර මට්ටම් කිහිපයක් මගින් තටු වල හැඩය නිමවුම් කරන බැවින් ගුවන් නියමුවන්ට අඩු ප්‍රතිරෝධයකින් වාතය හරහා පහසුවෙන් ගමන් කිරිමට හැකියාවක් මින් ලැබෙන බව සහ තවත් තොරතුරු නාසා ආයතනයේ ප්‍රධාන පරීක්ෂක Matt Moholt මහතා ප්‍රකාශ කර ඇත. ඒ වගේම මෙම පියාපත් ගුවන්යානා නියමුවන්ගේ මානසික ආතතිය අඩු කරන සේ ඉතා සැහැල්ලුව නිම කරන බව මොහු තව දුරටත් ප්‍රකාශ කර තිබේ. ඒ වගේම අනෙක් ගුවන්යානා වලට වඩා මේවයේ තිබෙන නැවිය හැකි පියාපත් නිසා අතිධ්වනික වේගයෙන්  මනා ක්‍රියාකාරීත්වයෙන්  ගමන් කිරීමේ හැකියාව ලැබී ඇත.

  1. නාසා ආයතනයේ හැඩය මාරු කල හැකි පියාපත්


නාසා ආයතනය පසුගිය වසරේ  පියාපත් වල හැඩය මාරු කිරීමේ තාක්ෂණය යොදා ගෙන ගුවන්යානා කිහිපයක් පරීක්ෂා කර තිබෙන  අතර මේ ක්‍රියාව Adaptive Compliant Trailing Edge (ACTE) හඳුන්වයි.  මෙම ව්‍යාපෘතිය නාසා ආයතනය, ගුවන් හමුදා පරයේෂණගාරය  (AFRL) සහ FlexSys අතර ඇන් ආබර් මිචිගන් සිට ඒකාබද්ධ සිදු වන කාර්යයකි. මේ නිපදවමින් සිටින පියාපත් තටු අංශක -2 සිට අංශක 30 ක් දක්වා කෝණ වලට හැරවීමට හැකි අතර මේවා උෂ්ණත්වයටත් ඔරත්තු දීමේ හැකියාවක් ඇත. මොහුන් ගේ මේ නිපදවීම 12% දක්වා ඉන්ධන පිරිමැසුම ඉහල නැංවීම සහ  ගුවන්යානා බෑමේදී සිදුවෙන ශබ්ද දූෂණය 40% කින් අඩු කිරීමටත්  උපකාරි වේ.



සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ගාල්ල කඩවත් සතර

0 comments:

Post a Comment