August 24, 2017

ඔක්සිජන් නොමැතිව මාස ගණනක් ජිවත්වන ගෝල්ඩ්ෆිෂ්

ගෝල්ඩ්ෆිෂ් (රන්මසු), කාෆ් (කාපියා) සහ එම පරපුරේ මත්ස්‍යයින්ට මාස 5 ක දිගු කාලයක් ඔක්සිජන් ආශ්වාස නොකර ජීවත්විය හැකිය. ඔක්සිජන් ප්‍රමාණය ඉතා පහල මට්ටමක තිබෙන විට කාබෝහයිඩ්රේට් මධ්‍යසාර බවට පත්කළ හැකි එන්සයිම කාණ්ඩයක් මෙම මත්ස්‍යයින්ට පරිනාමනයෙන් ලැබී තිබේ. මෙලෙස මධ්‍යසාර බවට කාබෝහයිඩ්රේට් පරිවර්තනය වූ පසු ඒවා උන්ගේ ශරීරයෙන් ඉවත්වේ.

මිනිසා ඇතුළු බොහෝ සතුන්ට ඔක්සිජන් හිග වීම විනාඩි කිහිපයකදී මරණය සිදුවීමට හේතු වේ.ඔක්සිජන් නොමැතිව කාබෝහයිඩ්රේට් පරිවෘත්තිය කිරීමට මිනිසුන් සමත් වුවද එම ක්‍රියාව නිසා විෂ සහිත ලැක්ටික් අම්ලය නිපදවීම සිදු වේ. ඒවා ඉක්මණින් ශරීරය තුළ තැන්පත් වේ. මෙම ක්‍රියාවලියට මත්ස්‍යයින්ට මුහුණ දීමට සිදුවුයේ නම් ඔවුන් විශාල අනතුරකට භාජනය වනු ඇත. කාෆ් මත්ස්‍යය වර්ගය බොහෝ විට පොකුණු සහ විල් වල ජිවත්වන අතර උතුරු යුරෝපයේ හා ආසියාවේ පිහිටි පොකුණු හා වී ශිත සෘතුවේදී ඝනීභවනය වීම නිසා අයිස් දියවෙන තෙක් මාස කිහිපයක් ඔක්සිජන් නොමැතිව ජීවත්වීමට මත්ස්‍යයින්ට සිදු වේ.

මෙම තත්වය සදහා කාබෝහ්යිද්රේට් නිර්වායුමය ලෙස පරිවෘත්තිය ක්‍රියාවකට පරිවර්තනය වීමට එනම් විශ් ලැක්ටික් අම්ලය නොව ශරීරයෙන් වඩාත් පහසුවෙන් පිට කළ හැකි මධ්‍යසාර නිපදවීම මගින් මත්ස්‍යයින් මාස 5 ක කාලයක් ආරක්ෂාව සලසා ගන්නා අතර ඒ කාලය තුලදී උන්ගේ ශරීරය තුළ රුධිරය මිලිග්‍රෑම් 100 ක මිලිග්‍රැම් 55ක මධ්‍යසාර පවතියි.

පාරසරික තත්ව අනුව මෙවැනි ගැඹුරු පරිවර්තනයකට පරිණාමනය වසර මිලියන 8 කට පෙර සිදුවී තිබේ. එහෙත් එවැනි පරිණාමනයක් සතුන් අතර දක්නට ලැබෙන දුර්ලභ ලක්ෂණයක් බව මෙම පර්යේෂණ අධ්‍යනයේ සාමාජිකයකු වූ එංගලන්තයේ Liverpool විශ්ව විද්‍යාලයේ Micheal Berenbrink පවසයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/m3zXrDQmOP4?t=52

0 comments:

Post a Comment