October 17, 2017

මොලය මෙන් පරිගණක සදහා photonic microchip

ගබඩා කිරීමට සහ ක්‍රියායනයට මොළයේ ඇති සුවිශේෂී හැකියාව අනුකරණය කිරීමට පරිගණක විද්‍යායෝ බොහෝ කලක සිට උත්සහ කරති. එම ඉලක්කයට ආසන්න විය හැකි microchip (මයික්‍රෝචිපය) ක්  පර්යේෂකයින් විසින් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

Exeter විශ්ව විද්‍යාලය මෙහෙයවන පර්යේෂණ කණ්ඩායමක් විසින් Science Advance සඟරාවට වාර්තාවක් සපයමින් ප්‍රකාශ කර ඇත්තේ ඉතා කුඩා බලශක්තියකින් විශාල තොරතුරු ප්‍රමාණයක් ගබඩා කළ හැකි පරිගණක නිපදවීමට නව මයික්‍රෝචිපය භාවිතාකල හැකි බවයි.  Photonic microchip (ප්‍රකාශ මයික්‍රෝචිපය) ක් වන මෙය විදුලිය නොව ආලෝකය යොදාගෙන මිනිස් මොළයේ Synapses (සම්පර්කන) ක්‍රියාකාරිත්වය අනුකරණය කරයි. මොළයේ ආවේග එතෙරවන ස්නායු සෛල සන්ධිස්ථාන Synapses (සම්පර්කන) වේ.

මොළයේ නියුරෝන වලට වඩා Synapses 1:10,000 ක අනුපාතයකින් වැඩි බැවින් මොලය මෙන් ක්‍රියාකරන පරිගණකවල Synaptic අභිරුපණ කිරීමේ හැකියාව යම් ආකාරයක ප්‍රතිචලිත කිරීමක් කළ යුතු බව පර්යේෂණ කණ්ඩායමේ සම කතෘ Munster විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Wolfram Pernice පවසයි. එම කාර්යය ඔවුන් ඉටු කළ බව ද ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා සිටියේය.

නව photonic microchip මොළය ආකාරයට ක්‍රියාකරනවා පමණක් නොව එය මොලයට වඩා දහස්වාරයක් වේගකින් ක්‍රියා කරන බව සහ පරිගණකය නව යුගයකට හෙවත් යන්ත්‍රය මොළය ආකාරයට ක්‍රියා කිරීම මෙන්ම සිතීමද සිදු කරන යුගයකට ප්‍රවේශ වන බව පර්යේෂකයෝ විශ්වාෂ කරති. මෙවැනි අනාගත නිර්මාණ වල සම්මිශ්‍රණයන්, සමහර ප්‍රබන්ධකරුවෝ පශ්චාත් මනුෂ්‍ය යුගයන් ලෙසද හඳුන්වති. 

 “ඉලොක්ට්‍රොනික පරිගණක සාපේක්ෂව මන්දගාමී වන අතර එහි වේගය වැඩි කරන විට ශක්ති පරිභෝජනයද වැඩි වේ. සම්ප්‍රදායික පරිගණක වලට මිනිස් මොළයේ ක්‍රියායනයට සමාන්තර හැකියාවක් මෙන්ම ඉගෙනීමේ හැකියාවක්ද නැත. අපි මෙම ගැටළු දෙකම නිරාකරණය කළෙමු.” යැයි සම කතෘ මහාචාර්ය C. David Wright පවසයි. නුදුරු අනාගතයේ සිලිකන් ප්‍රකාශ විප්ලවය (Silicon Photonics) මගින් අධි වේගයෙන් හා ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවක් සහිත මිනිස් මොළය මෙන්වූ පරිගණකවලට අමතරව බොහෝ නව උපාංග බිහිවනු ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/LgRSRUQGlQs?t=192

0 comments:

Post a Comment