November 16, 2017

වයර් නැතිව විදුලිය සම්ප්‍රේෂණය කිරීම

 සිතන්නටවත් තරමක් අසීරු කරුණක්

          නමුත් මේ පිළිබඳවත් පර්යේෂකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අත්හදාබැලීම් කිහිපයකුත් සාර්ථක වී තිබෙනවා. ඉන්ටෙල් සමාගමේ පර්යේෂකයන් පිරිසක් වයර් රහිතව අඩි කිහිපයක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරමින් මෙම පර්යේෂණයේ මූලික අදියර සාර්ථක කරගෙන තිබෙනවා

          කම්බි දඟරයක් මගින් මෙගා හර්ට්ස් 10ක තරංගයක් එවැනිම කම්බි දඟරයක් වෙත සම්ප්‍රේෂණය කළ විට එම දඟරය මගින්ද එවැනි තරංගයක් ජනනය කරගනු ලැබුණු අතර එමගින් ජනනය වූ ධාරාවෙන් වොට් 60ක බල්බයක් දලවාගැනීමට ඔවුන් සමත් වුණා. පළමු කොයිලය ට්‍රාන්ස්මීටර් කොයිල් එක වශයෙනුත් දෙවන කොයිලය ප්‍රතිග්‍රාහක කොයිලය වශයෙනුත් ඔවුන් හඳුන්වනු ලැබුවා. දැන් ඔවුන්උත්සහ දරන්නේ මෙයට වඩා වැඩි වොට් ගණනක් ජනනය කර ගැනීම සදහා වන පර්යේෂණයන් සාර්ථක කර ගැනීමටයි. 

        මෙම පර්යේෂණ සාර්ථක වුවහොත් වැඩි කළක් ඉක්ම යාමට පෙර නිවාස වයරින් කිරීමේ කටයුත්ත සිදු නොකර ඒ වෙනුවට විදුලිබල සම්ප්‍රේෂණ කුළුණක් නිවසේ සවිකරගැනීමට හැකිවන බව නොඅනුමානය.

pcworld.com ඇසුරිණි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
නොච්චියාගම.

0 comments:

Post a Comment