November 6, 2017

විදුලිය භාවිතයෙන් තොරව තොරතුරු ගබඩා කල හැකි ඇඳුමක්.................

පරිගණක විද්‍යාඥයින් පිරිසක් විසින් කිසිදු විද්‍යුත් උපකරණ හෝ සංවේදක වලින් තොරව හදුනා ගැනීමේ පත්‍ර සදහා වන ආරක්ෂක කේත දත්ත රෙදිපිලි හා මෝස්තර ආයිත්තම් තුළ ගබඩා කළ හැකි ක්‍රමයක් සොයා ගෙන තිබෙනවා.Navigation apps  ස්ථාපිත ස්මාර්ට් ජංගම දුරකථන මගින් මෙම කේත කියැවිය හැකි බව තව දුරටත් ප්‍රකාශිතයි.
“මෙය සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික උපාංග රහිත නිර්මාණයක් .එනම් මේ නව ඇුම ස්ත්‍රික්ක කිරීමට ,සේදීමට හෝ වියලීමට කිසිදු බාධාවක් නැහැ.” යැයි මේ සම්බන්ධව පර්යේෂණ කල Paul.G.Allen විද්‍යාලයේ සහය මහාචාර්ය ෂ්‍යාම් මහතා පවසා සිටිනවා.තවදුරටත් ඔහු මෙසේ ද පවසනවා.”ඔබට සිතීමට තිබෙන්නේ ඔබ එදිනෙදා කල යුතු වැඩකටයුතු පිළිබද දත්ත ගබඩා කර ඇති දෘඩ තැටියක් ඇගලාගෙන සිටින බවයි.”
මෙම ඇදුම් වර්ගය නිපදවා ඇති සන්නායකිත නූල් තුල ඇති වන චුම්භක ගතිගුණ මගින් මෙම ඩිජිටල් දත්ත හෝ දෘශ්‍ය තොරතුරු ගබඩා කල හැකිය.මෙම දත්ත කියැවිය හැක්කේ චුම්භක මානයක් ආශ්‍රයෙනි. මෙය චුම්භක වල දිශානතිය හා ක්ෂේත්‍ර ප්‍රභලතාවය මිනුම් කල හැකි අඩු මිල උපකරණයකි.එබැවින් මෙම දත්ත කියැවීමට වැය වන මුදල නොගිනිය හැකි තරම් කුඩා වේ.
මෙම ක්‍රමවේදයේ භාවිතාවක් ලෙස ඔබට යම් දොරක අගුලක් විවෘත කල යුතු නම් ඔබේ ෂර්ට් අතෙහි තබා මසන ලද සන්නායක නූල් සහිත රෙදි කැබැල්ල දෙරෙහි සවි කර ඇති චුම්භක මානය ඉදිරියට ගෙන ඒමෙන් ඔබට එම දොරෙහි අගුල විවෘත කල හැකිය.
මෙහි නිර්මාපකයින් සම්ප්‍රදායික මහන මැෂින් හා සන්නායක නූල් උපයෝගී කරගෙන එම්බ්‍රොයිඩර් කරනු ලබන්නේ සසම්භාවී ආකාරයට චුම්භක ධ්‍රැව නිර්මාණය වන පරිද්දෙනි.
මෙය මත ස්ථිර චුම්භක පිරිමැදීම තුළින් පර්යේෂකයින් උත්සාහ දැරුවේ උතුරු හා දකුණු චුම්භක ධ්‍රැව එය තුල වෙනවෙනම නිර්මාණය කිරීමටයි.එවිට සංඛ්‍යංක දත්ත 1 හා 0 එමගින් නිරූපණය ඔවුන්ගේ අපේක්ෂාවයි.මෙහි ඇති අනෙක් වාසිය නම් බොහෝ වාර ගණනාවක් මෙම එක් එම්බ්‍රොයිඩර් මැස්මක් වැඩසටහන් ගත කල හැකි වීමයි.සේදීම ,වියලීම හා ෆැරන්හයිට් අංශක  320 දක්වා ස්ත්‍රික්ක කිරීමකදී පවා මෙහි ඇති දත්ත නොමැකී ,නොනැසී පැවතීමද මෙහි විශේෂත්වයකි.


අන්තර්ජාලය ඇසුරිනි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි.
විදාතා සම්පත් මධ්‍යස්ථානය - මීගමුව.

මූලාශ්‍රය : Materials provided by http://www.washington.edu/. Original written by Jennifer Langston
     

0 comments:

Post a Comment