December 6, 2017

ප්‍රතිජීවකයන්ට කදිම විකල්පයක් මීමැස්සන්ගෙන්


ප්‍රතිජීවක සඳහා දක්වන ප්‍රථිරෝධතාවය වෛද්‍ය විද්‍යාවේදී මුහුන පාන ප්‍රභල ගැටළුවක් වී ඇත.ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි මෙය වර්තමානයේ මහජන සෞඛ්‍ය කෙරෙහි උද්ගතව පවතින ප්‍රභල අභියෝගයකි.
ශත වර්ෂ ගණනාවක සිට මිනිසා විසින් මී පැණි විවිධ අසාදන සඳහා ප්‍රතිකාරක වශයෙන් යොදා ගනී. නමුත් මී පැණි සතුව පවතින ක්ෂුද්‍ර ජීවීන් සඳහා ප්‍රතිරෝදී හැකියාව විද්‍යාඥයින් හමුවේ පවතින ප්‍රධාන ගැටළුවකි. මේ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණයන්හි නිරත වන ස්විඩනයේ ලන්ඩ් (Lund ) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මීට පිළිතුරක් සොයාගෙන ඇත. ඔවුන් මෙම පර්යේෂණයේදී මී පැණි වලින් සුවිශේෂ ලැක්ටික් ඇසිට් බැක්ටේරියාවන් ( Lactic Acid Bacteria (LAB) )  වර්ග 13 ක් හදුනාගෙන ඇත. මෙම බැක්ටේරීයාවන් 13ම මී මැස්සන්ගේ අමාශයේ වාසය කරන අතර ඔවුන් හට රෝගකාරකයන් සඳහා ප්‍රභල ප්‍රතිරෝධීතාවයක් දැක්විය හැකි බවද පර්යේෂකයන් පෙන්වා දෙයි. බිගු අමාශයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර මෙහි ගබඩා කරන්නාවු මල් පැණි පසුව නැවතත් වමාරා කැදැල්ලේ ඇති පැණි කුටීර තුල ගබඩා කරයි.

මෙම සුවිශේෂි බැක්ටේරියාවන් විසින් නිෂ්පාදනය කරනු ලබන සක්‍රීය ක්ෂුද්‍ර ජීවී රසායනිකයන් වන හයිඩ්‍රජන් පෙරොකසයිඩ්, මේද අම්ල වර්ග, වේදනානාශකයන් (anesthetics) හා නිර්වින්දකයන් මගින් ජීවීන්ගේ දේහ අශ්‍රිතව ක්‍රියාත්මක හානිකර බැක්ටේරියාවන් විනාශ කරන අතර ඒ මගින් මී මැසි ගහනයන්ගේ පිරිහීම/ බිදවැටීම නවත්වලන බව පර්ය්ෂකයන් තහවරු කරගෙන ඇත. ඒ අනුව විද්‍යඥයින්ගේ අදහස නම් අනාගතයේදී මෙම බැක්ටේරියාවන් (LAB ) ප්‍රතිජීවක සදහා ප්‍රතිරෝධීතාවයට කදිම විසදුමක් වනු ඇති බවයි.

මෙම පර්යේෂකයන් විසින් මෙතිසිලින් නම් ප්‍රති ජීවකය සදහා ප්‍රතිරෝධිතාවයක් දක්වන Staphylococccus aureus (MRSA), නම් බැක්ටේරියාව යොදා ගනිමින් සිදුකල පර්යේෂණයන්හිදී LAB බැක්ටේරියා මගින් Staphylococccus බැක්ටේරියාවන් විනාශ වන බව තහවරු කරගෙන ඇත.

තවද මෙම මී මැසි බැක්ටේරියාව (LAB ) මී පැණි සමඟ මිශ්‍ර කර දිර්ඝ කාලයක් තුල සුව නොවුනු අශ්වයන්ගේ තුවාල තුලට යොදන ලදී.පසුව කල සමීක්ෂණ තුලින් තහවරු වී ඇත්තේ තුවාල සුව අතට හැරමින් පවතින බවයි.දැනටමත් මෙම ප්‍රතිකාර පර්යේෂණාගාර මට්ටමින් සිදුකරන අතර ඒවා ඉතා සාර්ථක බවත් ඉදිරියේදී මිනිසා යොදා ගනිමින් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් පවතින බවත පර්යේෂකයන් පවසයි.

නවතම සොයාගැනිම් වාර්ථාවන්ට අනුව මෙම LAB බැක්ටේරියා විසින් න්ෂ්පාදනය කරනු ලබන ව්ව්ධ රසායනිකයන් ප්‍රත්රෝධී රෝගකාරක බැක්ටේරියාවන් හමුවේ වඩාත් සක්‍රියව හා කාර්‍යෂමව ක්‍රියාත්මක වනු ඇති බවයි. එසේම සිමීත පරාසයක් තුල ක්‍රියාත්මක ප්‍රතිජීවක වලට සාපේක්ෂව මෙම බැක්ටේරියා මගින් නිපදවන රසායනික පුවල් පරාසයක් තුල ක්‍රියාත්මක වෙමින් විවිධ රෝගකාරකයන් හට අවශ්‍ය පරිදි පහ දෙනු ඇත.මෙම සුවිශේෂි ගුණාංග හේතුවෙන් වසර සිය දහස් ගණනක සිට මී මැස්සන්ගේ ප්‍රතිශක්තිකරණයත් පැණිවල ආරක්ෂාවත් තහවරු වී ඇති බව පර්යේෂකයන් පවසයි. එසේ වුවද දීර්ඝ කාලයක් තුල මී පැණි  ඇසුරුම් තුල බහා තැබීමෙන් LAB බැක්ටේරියාවන්හි සක්‍රිය බව හීන වී යන බව සොයාගෙන ඇත.

නුදුරු අනාගතයේදීම මිනිසාට ප්‍රභල අභියෝයක්වන ප්‍රතිජීවක සදා ප්‍රතිරෝධී රෝගකාරකයන් පාලනයට සායනික මට්ටමින් යොදා ගැනීමට නියමිත අතර එ් සඳහා වඩාත් උසස් තත්වයේ වෙනස් කිරීම් වලට ලක් නොකරන ලද මී පැණි යොදා ගනිමටත් පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.


https://www.sciencedaily.com  ඇසුරිනි.

0 comments:

Post a Comment