December 6, 2017

විස්තෘත නිර්මාණශීලීත්වයට ශාස්ත්‍රීය සංගීතයෙන් තල්ලුවක්

ඔබ තුල නිර්මාණශීලී ගුණය ඇත්නම් වර්තමාන සංකීර්ණ ලෝකයේ සාර්ථක දිවි පැවැත්මකට එය මහෝපකාරී වනු ඇත. නිර්මාණශීලි ඔබ තුල ඇතිවන නැවුම් අදහස් ඔබට එදිනෙදා මුහුණ පෑමට සිදුවන පුළුල් පරාසයක ගැටළු සහගත අවස්ථා වලදී සාර්ථක, නව්‍ය විසදුම් ලබාදෙනු ඇත.


නිර්මාණශිලී චින්තනය සදහා හේතු සාධක මොනවාද යන්න දීර්ඝ කාලයක සිට අධ්‍යයනයට ලක්වු පැනයකි. සංගීතය ඥානයට දායක වන බව මින්පෙර ද සොයා ගත්තද, සංගීතයට සවන්දීම විශේෂයෙන් නිර්මාණශීලි චින්තනයට බලපාන අයුරු පිලිබද දත්ත තිබුනේ අල්පයකි.

සංගීතයෙන් නිර්මාණශිලිභාවයට ඇති බලපෑම පර්යේෂණයට ලක් කිරීමට පර්යේෂකයන් (නෙදර්ලන්තයේ Radbound university හි Simone Ritter සහ ඕස්ට්‍රේලියාවේ University Technology Sydney හි Sam ferguson) විසින් පුද්ගලයින් 155 ප්‍රශ්නාවලියකට බදුන් කොට කණ්ඩායම් කිහිපයකට බෙදන ලදී. එම කණ්ඩායම් සහා ශාන්ත වු (calm), ප්‍රීතිමත් වු (happy)දුක්මුසුවු (sad) සංගීතයට සවන්දීමට සැලැස්වු අතර පාලන කණ්ඩායම (control group) නිශ්ශබ්දතාවයට සවන්දීමට සලස්වන ලදී. සංගීතය වාදනය විම ආරම්භ වු පසු පුද්ගලයින් විවිධ වු බුද්ධිය මෙහෙයවා කලයුතු කර්තව්‍යයන්හි යෙදවු අතර එහිදී ඔවුනගේ සංසෘත(convergent) හා විස්තෘත(divergent) විසදුම් ලබාදිමේ හැකියාව සොයා බලන ලදී. සංසෘත විසදුම් යනු, යම් කර්තව්‍යයක් සදහා ලබාදෙන හොදම සහ එකම විසදුම වන අතර විස්තෘත විසදුම යනු, යම් කාර්යයකට ලබාදිය හැකි විවිධ වු ප්‍රයෝජනවත් විසදුම් වේ.

ප්‍රීතිය දනවන ශාස්ත්‍රීය සංගීතයට සවන්දුන් පුද්ගලයන්ගේ විස්තෘත නිර්මාණශිලී චින්තන හැකියාව නිශ්ශබ්දතාවයට සවන්දුන් පුද්ගලයන්ට වඩා ඉහලින් පවතින බව මෙහිදී පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. ශාස්ත්‍රීය සංගීතයෙන් ඇති වෙනස්වන භාවයන් මගින් චින්තන හැකියාවේ නම්‍යශීලිත්වය වර්ධනය වී එමගින් අමතර විසදුම් ලබාදීමට පර්යේෂණයට භාජනය වු වන්ට හැකිවන්ට ඇති බව පර්යේෂකයන්ගේ මතයයි. මෙම හැකියාව ඔවුන් එම කර්තව්‍යය නිශ්ශබ්ද පරිසරයකදී සිදු කිරීමේදී ෂණිකව සිදු නොවුනි.

මෙම අධ්‍යයනයේදී සංගීතය නිර්මාණශීලී චින්තනය ධනාත්මකව බලපෑ බවට සාක්ෂි සැපයීය. මේ පිලිබද වැඩිදුරටත් අධ්‍යයනයට, විවිධ සංස්කෘතින්ට අයත්, විවිධ වයස් කාණ්ඩයන්ගේ සැදුම්ලත් සහ විවිධ මට්ටමේ සංගීත අත්දැකීම් ඇත්තන් සහභාගි කර ගනිමින්, අප අවට හාත්පස පැතිරුනු විවිධ ශබ්ද නිර්මාණශීලි චින්තනය බලපාන අන්දම ගවේෂණයට අවශ්‍ය බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙම අධ්‍යයනයේදී හෙලිදරව් වු තවත් වැදගත් කරුණ නම් විවිධ විද්‍යාත්මක, අධ්‍යාපනික සහ ආයතනික වටපිටාවන්හිදී පුද්ගලයන්ගේ නිර්මාණශීලි චින්තනය වර්ධනය කිරීමට ලාභදායී සහ කාර්යක්ෂම විසදුමක් ලෙස සංගිතයට සවන් යොමු කිරීමට සැලැස්වීම යොදාගත හැකි බවයි.

 අන්තර්ජාලය ඇසුරෙනි.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
අතුරලිය.අන්තර්ජාල

0 comments:

Post a Comment