December 6, 2017

බැටරි නැතුවත් Wifi හරහා වැඩ කරන උපකරණයක් ලගදීම

ජංගම දුරකතන භාවිතා කරන අපට තියෙන බරපතල ගැටලුවක් වන්නේ කතා කරන අතරතුර බැටරිය බැසීමයි. Laptop භාවිතා කරන අයටත් Charging පහසුකම් නැති ස්ථානයක සිට දිගු කාලයක් තම පරිගණකය ක්‍රියා කරවීමට නොහැකි වීම අභියෝගයක්. මේ සඳහා සෑහෙන කාලයක සිට නොයෙකුත් පරීක්ෂණ සිදු කළ අතර සර්බියානු ජාතික නිකෝල් ටෙස්ලා නම් විද්‍යාඥයා මේ සම්බන්ධව පරීක්ෂණ සාර්ථකව කළ අයෙක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. ටෙස්ලා 1943 මිය යන විට නව නිපැයුම් රාශියකට ත දායකත්වය ලබා දී ඇත. ඒ අනුව ටෙස්ලා කොයිල් සුවිශේෂ වන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණ සංකල්පය මේ හරහා බිහි වූ නිසයි. ටෙස්ලා කොයිල් හරහා විදුලිය සම්ප්‍රේෂණය මගින් කිසිදු වයර් සම්බන්ධතාවයක් නොමැතිව බල්බයක් දැල්විය හැකි බව ඔහු ලොවට පෙන්වා දුන්නා. ඒ අනුව ඔහු මෝගන් නම් අනුග්‍රාහකයා සමඟ සම්බන්ධව නිව්යෝර්ක් වල විශාල කුළුනක් හරහා ලොවටම විදුලිය ලබා දීමට උත්සාහ කළත් මූල්‍යමය ගැටලුවක් නිසා එය අතරමග නතර විය.

නමුත් දැන් University Of Washington හි පර්යේෂණ කණ්ඩායමක් විසින් wifi  තාක්ෂණය ඔස්සේ බලශක්ති සම්ප්‍රේෂණය කළ හැකි aambient wi – fi backscatter නම් තාක්ෂණය හදුන්වා දී තිබෙනවා.
තවම මූලික අවධියේ සිටින මෙම තාක්ෂණය ඉතා කුඩා විදුලි ධාරාවක් පමණක් සම්ප්‍රේෂණය කළ හැකි අතර ඉදිරියේදී වඩා වැඩි ධාරාවක් සම්ප්‍රේෂණය කළ හැකිවනු බවට විශ්වාස කරනවා. Wifi වලට අමතරව ගුවන් විදුලි තරංග හරහා මෙන්ම තරංග භාවිතා කර රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කළ හැකි බවට මත පළ වී ඇත.

 
 වයරයකින් හෝ බැටරියකින් බලශක්තිය ලබා ගන්නා අතර සමහර









අන්තර්ජාලය ඇසුරෙනි.

J C J Jayaweera
Science and Technology Officer-Dankotuwa

0 comments:

Post a Comment