January 27, 2018

ශ්‍රී ලංකාවෙන් හමුවන ආගන්තුක ආක්‍රමණිකයින්

  • කටකළු බොවිටියා

උද්භිද විද්‍යාත්මක නාමය
Clidemia  hirta
ඉංග්‍රීසි නම්                        
Soap  bush
වෙනත් නම්
නයිලෝන් බෝවිටියා, රබර් බෝවිටියා, මී හරක්‌ බෝවිටියා
කාක්‌ බෝවිටියා, බූ බෝවිටියා
නිජබිම
ඇමරිකානු රටවල්                                           (මෙක්සිකෝවේ සිට පැගුවේ දක්වා)

ව්‍යාප්තිය
බහුවාර්ෂික ශාකයක් වන මෙය නිවර්තන කලාපයට අයත් රටවල ව්‍යාප්ත වීම සිදුවිය.1940 දී හවායි දූපත්වලද හඳුනාගෙන ඇති මෙම ශාකය,1978 වනවිට හවායි දූපත්හි තුන්වැනියට විශාල දූපත වන ඕහු හි අක්කර 90000 ක් දක්වා ව්‍යාප්ත වී තිබේ. උද්භිද උද්‍යාන හරහා 1894 දී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති අතර, අර්ධ කඳුකර ප්‍රදේශවල සහ සිංහරාජය වැනි පහතරට වැසි වනාන්තර මායිම්වල පැතිරී ඇත.

බලපෑම
·    ජෛව විවිධත්වය අඩුකිරීමේ හැකියාව නිසා, වනාන්තර වලට බරපතල තර්ජනයක් ඇතිකරයි.
·    නොයිඳුල් වනාන්තර වල පිහිටි හිස් බිම් වල, දේශීය ශාක තරඟකාරී ලෙස පරාජය කරයි.
·    දේශීය වනාන්තර පුනර්ජනනය වන රටාවන් වෙනස් කරයි.

  • අගමුග නැති වැල

උද්භිද විද්‍යාත්මක නාමය
Cuscuta  chinensis
ඉංග්‍රීසි නම්                        
Common  Dodder, Strangle Weed
නිජබිම
චීනය, උතුරු ඇමෙරිකාව

ව්‍යාප්තිය
පාරම්පරික ඹෟෂධයක් ලෙස චීනය කොරියාව,පකිස්ථානය, වියට්නාමය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල භාවිත කර තිබේ.පරපෝෂිත ශාකයක් ලෙස හැඳින්වෙන මෙය හටගන්නා වූ ස්ථානයක් සොයා ගැනීමට නොහැකි හෙයින් අගමුල නැති වැල නම පටබැඳී ඇත.චීනයෙන් හෝ වෙනත් රටවලින් ආනයනය කල අපිරිසිදු ධාන්‍ය හරහා මෙරටට පැමිණ ඇතැයි විශ්වාස කෙරේ.ශ්‍රී ලංකාවේ අනුරාධපුර,පොළොන්නරුව, හම්බන්තොට වැනි වියලි ප්‍රදේශවල බහුලවත්  පහතරට තෙත් කලාපයේ තැනින් තැනත් දක්නට ලැබේ.

බලපෑම
·   රනිල බෝගයන්ගේ පළිබෝධකයෙකු ලෙස සැලකේ.
·  පරපෝෂිත ශාකයක් වන මෙයට ධාරක ශාකය පසාරු කර එයින් පරිවෘත්තීය ද්‍රව්‍ය (පෝෂක සහ ජලය) උරාගැනීමේ හැකියාව නිසා, ධාරක ශාකය හීන කර එහි සාමාන්‍ය ඵල සහ බීජ හටගැනීම අවහිර කරයි.

  • යෝධ නිදි කුම්බා

උද්භිද විද්‍යාත්මක නාමය
Mimosa  pigra
නිජබිම
දකුණු ඇමරිකාව
 
මීටර් 6ක් පමණ උසට වැඩෙන මෙම ශාකය, විශාල සංවේදී ශාකයක් ලෙස හැඳින්වෙයි.





  • ගල් ගොරකා

උද්භිද විද්‍යාත්මක නාමය
Clusia  rosea
ඉංග්‍රීසි නම්                        
Autograph  tree,  Pitch-apple
වෙනත් නම්
ගල් ඉද්ද
නිජබිම
බටහිර ඉන්දීය කොදෙව් දූපත්

ව්‍යාප්තිය

19 වන සියවස මැද  භාගයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති මෙමශාකය,වර්තමානයේ අර්ධ කඳුකර ප්‍රදේශවල, ගල්කඳු ආශ්‍රිතව, වනාන්තර අද්දරව සහ ජල මාර්ග ඉවුරුවල බහුලව ව්‍යාප්තව ඇත.

බලපෑම
·   අපි ශාකයක් ලෙස දේශීය ශාක වල කඳන් සහ ගල් කඳු මත සීඝ්‍රයෙන් වැඩෙමින් දේශීය ශාක වර්ධනය මැඩපවත්වයි.
·     මෙය ස්වාභාවික වනාන්තර වලට ප්‍රබල තර්ජනයක් එල්ලකර ඇත.

  • පතොක්

උද්භිද විද්‍යාත්මක නාමය
Opuntia  dillenii
ඉංග්‍රීසි නම්                        
Prickly-Pear  Cactus
වෙනත් නම්
කටු පතොක්
නිජබිම
දකුණු ඇමෙරිකාව

ව්‍යාප්තිය 
19 වන සියවසේදී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති මෙම ශාකය, වර්තමානයේ අර්ධ ශුෂ්ක, අර්ධ නිවර්තන, නිවර්තන සහ උණුසුම් සම ශිතෝෂ්ණ ප්‍රදේශවලත්, තෘණ භූමි, ගංගා ඉවුරු, පාරවල් අද්දර, දුම්බර මාර්ග, වෙරළබඩ ප්‍රදේශ, මුඩු ඉඩම් වල පැතිර ඇති ශාකයකි.එනමුත් වැලි පස සහිත වියළි සහ අර්ධ ශුෂ්ක කලාපයේ බහුලව දක්නට ඇත.

බලපෑම
·    ආක්‍රමණශීලී, සීඝ්‍ර ව්‍යාප්තිය දේශීය ශාක විස්ථාපනය වීමට හේතුවේ.
·    සතුන්ගේ සහ මිනිසුන්ගේ ගමන් මාර්ග අවහිර කරයි.
·    දේශීය විශේෂයන්ගේ ජෛව විවිධත්වය අඩුකරයි.

  • හවරි නුග

උද්භිද විද්‍යාත්මක නාමය
Alstonia  macrophylla
ඉංග්‍රීසි නම්                        
Hard alstonia, Hard milkwood
වෙනත් නම්
ගිණි කූරු
නිජබිම
තායිලන්තය, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය

ව්‍යාප්තිය 
නැවත වන වගාවක් සඳහා යොදාගන්නා සහ වටිනා දැවමය ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති මෙය, තෙත් කලාපයේ සහ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ බහුලව ව්‍යාප්තව ඇත.

බලපෑම
·   සීඝ්‍ර වර්ධන වේගය නිසා, ආලෝකය සහ පෝෂ්‍ය පදාර්ථ සඳහා දේශීය ශාක සමඟ තරඟ කර ඒවා අභිබවා යාමේ හැකියාව ඇත.
·    මේ හේතුවෙන් දේශීය ශාක වල වැඩීම බාලකරයි.

  • පතං පාළු

උද්භිද විද්‍යාත්මක නාමය
Austroeupatorium  inulifolium
ඉංග්‍රීසි නම්                        
Austroeupatorium
වෙනත් නම්
සුද්දා
නිජබිම
ගෝතමාලාව, වෙනිසියුලාව

ව්‍යාප්තිය
1970 දශකයේදී  ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇතැයි සැලකේ මෙම ශාකය,අදවන විට තෘණ භූමිවල,තෘණ වනාන්තර සංක්‍රමණ කලාප තුල,කඳුකර වනාන්තර තුල ස්ථාපිතව ඇත.විශේෂයෙන්ම නකල්ස් වනාන්තර ප්‍රදේශය විශාල වශයෙන් ආක්‍රමණය කර ඇත.

බලපෑම
·    සීඝ්‍රයෙන් නොයිඳුල් කඳුකර වනාන්තර ආක්‍රමණය කරයි.
·    අතහැර දමන ලද තේ ඉඩම්වල, දේශීය ශාක විශේෂ ස්ථාපිතවීමට බාධාවක් වී ඇත.




උපුටා ගැනීම :- 
පොත පත ඇසුරිනි.

සැකසුම : -                                                                                                        
ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී


0 comments:

Post a Comment