January 15, 2018

අප සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ යෝධ ග්‍රහයෙකු සැගවී සිටියි!

අපගේ සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ යෝධ ග්‍රහලෝකයක් සැගවී සිටින බව සොයාගෙන තිබෙන බව කලකට පෙර වාර්තා විය. නාසා ආයතනය එය නිලවශයෙන් පිළිගැනීමත් සමග, කොන්ස්පයිරසි තිය්රිස්ට්ස් (Conspiracy theorist වචනාර්ථය කුමන්ත්‍රණ න්‍යායාචාර්ය) වරුන්  ෂැම්පේන් පානය කරමින් සතුට සැමරූ බව 2016 ජනවාරි මාසයේ පලවූ වාර්තාවල පළවී තිබේ.

1970 දශකයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල සේකාරියා සිචින් මහතා, මැදපෙරදිගින් හමුවූ පාෂාණ පුවරුවක් කියවා තේරුම් ගැනීමට තමන් සමත්වූ බවත්, එහි නිබුරු ලෙස හඳුන්වන ග්‍රහයෙකු පිළිබඳව සඳහන් වී ඇති බව දන්වා සිටියේය. සෑම වසර 3600කට වරක් එම ග්‍රහලෝකය සුර්යා හා කක්ෂගත වෙන බවද ඔහු පවසා තිබේ. ඔහුගේ අනුගාමිකයින් විශ්වාස කරන්නේ එම ග්‍රහලෝකය පෘතුවිය හා ගැටීමට නියමිත බවයි. 2015 අවසානයේ හෝ 2016 අප්‍රේල් මාසයේදී නිබුරු පෘථිවිය පසු කරන බවට වීඩියෝවක්ද ප්‍රචලිත වූ බව EXPRESS පුවත්පත වාර්තා කර ඇත.

අප ආසන්නයේ නිබුරු හෝ ප්ලැනට් එක්ස් ලෙස හඳුන්වන කිසිම ග්‍රහයෙකු නොමැති බව නාසා ආයතනය මින් පෙර පවසා ඇති අතර  එය විකාර මතයක් බව පවසා දැඩිව ප්‍රතික්ෂේප කිරීමටද කටයුතු කර තිබේ. නමුත් සෑම වසර විසිදාහකට වරක් සුර්යා හා කක්ෂගතවෙන යෝධ ග්‍රහයෙකු අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයේ සැගවී සිටින බව කැලිෆෝනියා තාක්ෂණික විද්‍යාලයේ තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

9 වෙනි ග්‍රහයෙකු සිටින බව සනාත කිරීමට සමත් ප්‍රභල සාක්ෂි නාසා ආයතනය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණ වලදීද හමුවී තිබෙන බවට වාර්තා කර තිබු අතර 10 වැනි ග්‍රහයා ලෙස 2003UB313 නමින් ග්‍රහලෝකයක්ද නාසා ආයතනය හදුන්වා දී තිබේ. Planet 9 ලෙස විකල්ප නමකින් හදුන්වාදුන් 9 වැනි ග්‍රහලෝකය අප සෞරග්‍රහමණ්ඩලය කෙලවරේම අඳුරේ පවතින ඉතා මන්දගාමී සහ ලජ්ජාශීලී යෝධ ග්‍රහලෝකයක් බව නාසා ආයතනයේ ප්‍රකාශයක සදහන් වී තිබේ. ගුරුත්වාකර්ෂණ සලකුණු විමර්ශනය කිරීමේදී, එය පෘතුවියටත් වඩා 10 ගුණයකින් බර බව හෙළිවී තිබෙන අතර එහි වූ අධික ස්කන්ධය නිසාම සෞරග්‍රහමණ්ඩලයේ වූ සියලුම ග්‍රහයන්ගේ කක්ෂයන්ට බලපෑම් කිරීමටද හැකියාවක් ඇති බවත් මෙම ග්‍රහලෝකය නිරීක්ෂණය කිරීම ඉතාම අපහසු බවත් වාර්තාවල සදහන් වේ.

අන්තර්ජාලය ඇසුරිනි.
https://www.nasa.gov/vision/universe/solarsystem/newplanet-072905-images.html
https://www.express.co.uk/news/science/637061/End-world-Conspiracy-theorists-new-Planet-9-discovery-spark-apocalypse-Nibiru-Planet-X
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා මධ්‍යස්ථානය
පාදුක්ක.

0 comments:

Post a Comment