January 27, 2018

ශ්‍රී ලංකාවෙන් හමුවන ආගන්තුක ආක්‍රමණිකයින් (විසිතුරු මල් හටගන්නා)

  • අරුණාදේවි
ආක්‍රමණශීලී ශාකයක් වුවද කැහපැහැති පුෂ්පයක් හටගැනීම නිසා ගෙවතු අලංකාරය සඳහාද යොදා ගනී.



උද්භිද විද්‍යාත්මක නාමය
Wedelia  trilobata
ඉංග්‍රීසි නම්                        
Bay Biscayne creeping-oxeye, Singapore daisy, Creeping-oxeye, Trailing daisy, wedelia
නිජබිම
මෙක්සිකෝව මධ්‍යම ඇමරිකාව හා කැරිබියන්

  •   බාලොලියා
ව්‍යාප්තිය
1826 දී පමණ රාජකීය උද්භිද උද්‍යානය හරහා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් බවට විශ්වාස කෙරෙන මෙම ශාකය, කුඩා පුෂ්පයන්ගෙන් මෙන්ම බෙරි ආකාර ගන්නා කුඩා ගෙඩි විශේෂයකින්ද යුක්ත නිසා ගෙවතු  අලංකරණය සඳහාද ඇතැමුන් එක්කර ගනී.පාර අද්දර, පුරන්ව ගිය ඉඩම්වල සහ වියළි කලාපීය වනාන්තර තුලද ඝනව වැඩී ඇති  මෙය රටවල් 50කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වී පවතියි.


උද්භිද විද්‍යාත්මක නාමය
Lantana  camara  L
ඉංග්‍රීසි නම්                        

වෙනත් නම්                     
ගඳපාන
නිජබිම
නිවර්තන ඇමරිකාව

බලපෑම
·    විවෘත ඉඩ සහිත ස්වාභාවික පරිසර පද්ධතීන් ආක්‍රමණය කරයි.
·    ජෛව විවිධත්වය අඩුකරමින්, ප්‍රධාන යටිවගාව ලෙස ස්ථාපිතවීමේ හැකියාව ඇත.
·    විෂකාරක ස්වාභාවය නිසා ආසන්නයේ වැඩෙන ශාක විශේෂයන්ගේ වර්ධන ශක්තිය අඩුකරයි.



  •  පාතිනියම්
උද්භිද විද්‍යාත්මක නාමය
Parthenium  hysterophorus
ඉංග්‍රීසි නම්                        
Santa - Maria, Santa Maria feverfew, whitetop weed, famine weed, congress weed
නිජබිම
නිවර්තන ඇමරිකාව

මල් හටගන්නා ශාකයක් වන මෙය පශු සම්පතට හා මිනිසුන්ට හානිකර තත්ව ගෙනදුන් බව වාර්තා වෙයි.



  • කඩදාසි මල්                                                              මෙම වැල් විශේෂයේ සුදු හෝ දම් පැහැයෙන් යුක්ත පුෂ්ප හට ගන්නා අතර අඩි 25ක් පමණ උසට වැඩෙයි.මෙම වැල පහුරු ආධාරයෙන් ඉහල නැගීම සිදු කරයි.
උද්භිද විද්‍යාත්මක නාමය
Antigonon  leptopus
ඉංග්‍රීසි නම්                        
Maxico creeper, Coral vaein, Bee bus
නිජබිම
මෙක්ෂිකෝව

  •       සෙස්ට්‍රම්

ව්‍යාප්තිය
1889  වසරේදී ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන වලට හඳුන්වා දීමෙන් පසුව ස්වාභාවික පරිසරයට ව්‍යාප්තව ඇත.  ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර අද්දර සහ එම වනාන්තර අතරතුර ඉඩ මෙම ශාකය විසින් අත්පත් කර ගෙන ඇත. 

උද්භිද විද්‍යාත්මක නාමය
Cestrum  aurantiacum
ඉංග්‍රීසි නම්                        
Orange  Cestrum
වෙනත් නම්
පිච්ච බටු, මල් බටු
නිජබිම
නිවර්තන ඇමෙරිකාව

බලපෑම
·    මෙම ශාකයේ ඉහල අභිජනන හැකියාව නිසා දේශීය ශාක විශේෂ  ආක්‍රමණය කරමින් පැතිරේ.
·    ගවයින්, බැටළුවන් වැනි සමහර සතුන්ට විෂ සහිතයි.


  • යූලෙක්ස්
උද්භිද විද්‍යාත්මක නාමය
Ulex  europaeus
ඉංග්‍රීසි නම්                        
Common  gorse
වෙනත් නම්
ඉවුලෙක්ස්, ගෝස්
නිජබිම
මහා බ්‍රිතාන්‍ය යේ බටහිර වෙරළබඩ ප්‍රදේශය, අයර්ලන්තය, යුරෝපය

ව්‍යාප්තිය
1888 වසරේදී විසිතුරු ශාකයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා ඇත.ශ්‍රී ලංකාවේ ඉහල කඳුකර ප්‍රදේශවලට පමණක් සීමා වී ඇත.


බලපෑම
·    ඉතා තරඟකාරී ශාකයකි.
·    නයිට්‍රජන් තිර කිරීමෙන් සහ පස ආම්ලික කිරීමෙන්, පසේ තත්වය වෙනස් කරයි.
·  මෙම ශාකයේ පත්‍ර සහ බීජ තෙල් සහිත වීමත්,පඳුරු අවට මිය ගිය ශාක කොටස් බහුලව තිබීමත් නිසා, ගිනිගැනීම් වලට ප්‍රධාන වශයෙන් හේතුවේ.

·   බෑවුම් සහිත ප්‍රදේශවල තෘණ සහ වෙනත් පඳුරු සහිත ශාක ප්‍රතිස්ථාපනය කිරීම නිසා පාංශු ඛාදනය අවදානම වැඩිකරයි.

·  මෙම ශාකයේ ඇති ආහාරයට ගත නොහැකි,කටු සහිත ස්වාභාවය  නිසා තෘණ බිම් සහ බෑවුම් සහිත ප්‍රදේශවල, සතුන්ට ඇති ප්‍රයෝජනවත් බව අඩුකරයි.


උපුටා ගැනීම :- 
පොත පත ඇසුරිනි.

සැකසුම : -                                                                                                                                                 ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී

0 comments:

Post a Comment