April 4, 2018

“Atacama Alien” අද්භූත පිටසක්වල ජීවියාගේ අභිරහසට විසඳුමක්


පිටසක්වල ජීවියෙක් යයි සැක කළ චිලී දේශයේ Atacama කාන්තාරයෙන් හමුවූ “Atacama Alien”ලෙස ප්‍රසිධියට පත් මමියේ අභිරහස නිරාකරණය කළ බව වාර්තා වේ .බෙහෙත් ගල්වා සංරක්ෂණය කළ මමියක් ලෙස දිස්වූ මෙම මමී ඇටසැකිල්ල පිලිබදව වසර 5ක කාලයක් සිදුකල ජාන පරීක්ෂණ එය පිටසක්වල ජිවියෙකුගේ නොව විරූපී මනුෂයෙකුගේ බවට සනාථ කර ඇති බව වාර්තාවේ තවදුරටත් සදහන් වේ. සම්පුර්ණ ජානමය අනුක්‍රමය/පරම්පරා පරික්ෂා මගින් මමියේ අද්භූත ස්වරුපයට හේතුවූ වෛද්‍යමය කරුණු විකලාංගතාව පිළිබඳ පෙර නුදුටු  සියුම් දෘෂ්ටියක් ලබාදීමට සමත් වි තිබේ.

විරූපී මුහුණ හා අස්ථි, නොමේරු සන්ධි සම්බන්ධතා, කුරුබව වැනි විකෘති ජාන සම්බන්ධතා හතක් ඇති Ata ශේෂ වලින් ලබාගත් DNA පරීක්ෂාවන් පිළිබඳ බොහෝ විස්තර අධ්‍යන වාර්තාවේ පළකර ඇත. එහි සදහන් භෞතික සංවර්ධනයට බලපාන ජාන වල සිදුවන අසාමාන්‍යතා කිහිපයක්ම මින්පෙර හඳුනාගෙන නොතිබිණි.

අත්හැරදැමු පල්ලියක් අසළ සුදු රෙදි කඩකින් ආවරණය කර වල දමා තිබි 2003 වසරේදී සොයාගත්  මමිය පිලිබදව මාධ්‍ය දැක්වූ උනන්දුව නිසා එයට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. අත්හැරදැමූ පල්ලිය පිහිටි La Noria හි පතල් කර්මාන්තයක් පැවතී Ghost Town නම් අනවර්ථ නාමයෙන් හැදුන්වූ නගරයෙන්  මමිය හමුවීම නිසාද මෙම අද්භූත ජීවියා පිළිබඳ සැක පහල වි තිබේ. සෙ.මි. 15 (අඟල් 6) ක් උස, කේතුවක ආකාරයේ හිසකින් යුත් මනුෂ්‍යාභ සැකිල්ලේ ඇස් කුහර වාමගතව පිහිටා ඇති අතර අසාමාන්‍ය ඉලඇට ප්‍රමාණයකින්ද සමන්විත විය.

මමියේ ස්වරුපය පිළිබඳ තොරතුරු වලින් කුතුහලයට පත්ව පරික්ෂා කිරීම් සඳහා ඉදිරිපත්වූ Stanford විශ්ව විද්‍යාලයේ ආචාර්ය Garry Nolan හා කණ්ඩායම විසින් කළ ජාන පරීක්ෂණ 2013 වසරේදී සම්පුර්ණ කරන ලදී. එහෙත් මෙම ප්‍රතිපල බොහෝ විවාදයන්ට භාජනය විය. වැඩිදෙනෙකුගේ අදහස වුයේ Ata බොහෝ පැරණි ශෝෂණය වූ නොමේරු ගර්භයක් බවයි. එහෙත් බහුවිධි පරීක්ෂණ මගින් මමිය අවුරුදු 40 කට වඩා පැරණි නොවන බව හෙලිවිය. තවද ඇටසැකිළි නිදර්ශක අනුව එය වයස අවුරුදු 6 ත් 8 ත් අතර කාලයේදී මියගිය අයෙකුගේ බවද සනාථ වි තිබේ.   

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක විභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/WwfeRDPyjdc?t=32

0 comments:

Post a Comment