April 6, 2018

ජානමය වශයෙන් වෙනස් කළ සේද පණුවන් නිපදවන සේද


පට පණුවන් ජානමය වශයෙන් වෙනස් කිරීම මගින් පර්යේෂකයන් ස්වභාව ධර්මයේ නොපවතින සේද සැදීමට සමත් වි තිබේ. මිනිසා විසින් සාදන ලද අනුකලනය වීමට සමත් ඇමයිනෝ අම්ල සහ කර්මාන්තශාලා සදහා ප්‍රයෝජනවත් සත්වයකු මෙමගින් ප්‍රථම වරට නිර්මාණය කර තිබේ.

New Scientist සඟරාව වාර්තා කරන පරිදි වෛද්‍ය අවශ්‍යතා සදහා වඩාත් සුදුසු සේද නිෂ්පාදනය කිරීමට හැකි සේද පණුවෙකු ජාන විද්‍යාව උපයෝගයෙන් නිර්මාණය කිරීමට පර්යේෂකයන් සමත් වි තිබේ. මෙම සේද ශරීර අභ්‍යන්ත්රයේ භාවිතයේදී පවා ශරීර ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවක් ඇති නොරන බැවින් වෛද්‍යමය රෝපණ (medical implant) ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝ භාවිතයන් සදහා යොදා ගැනීමට හැකිවී ඇත. සිල්ක් විශේෂයක් වූ මෙම රෙදි බොහෝ වෛද්‍යමය කාර්යයන් සදහා දැනටමත් අනුමත කර තිබේ.

පර්යේෂණාගාරය තුලදී ඉන්ද්‍රිය වර්ධනය කළ හැකි ලෙස දණහිස් කාටිලේජ හා සැකිලි සදහා නව සේද වඩාත් සුදුසු වේ. සාමාන්‍යයෙන් සේද මත පිහිටවූ  සෛල හොදින් තැන්පත්වීම සිදුනොවන නිසා සේද පණුවන් ජානමය ලෙස වෙනස් කර නව සිල්ක් සේද සෑදීමට පර්යේෂකයන් උනන්දු වි ඇත.
සිල්ක් සරලව ප්‍රෝටීන් වර්ගයක් වන අතර ඒවා සියල්ල ඇමයිනෝ අම්ල වලින් සෑදී ඇති නිසා මෙම කාර්යය වඩා පහසු වි ඇත. ස්වභාවිකව DNA ප්‍රෝටීන බවට පත්විමේ ක්‍රියාවලිය වෙනස් කිරීම මගින් මිනිසා විසින් කෘත්‍රිම AzPhe ඇමිනෝ අම්ලය නිපදවීමට සමත් විය.

නව ඇමිනෝ අම්ල අඩංගු කෘමි ආහාරවලින් පට පනුවා පෝෂණය කිරීමෙන් නව ඇමිනෝ අම්ල සහිත සිල්ක් සේද නිපදවීමට පට පනුවා සමත් වි ඇත. ඒ සදහා සේද පණුවා ජානමය වශයෙන් සංස්කරණය කළ බව ACS Synthetic Biology සඟරාවේ වාර්තා කර තිබේ.
 
නව සිල්ක් සේද වලට සෛල වලට අනුකුල වීමට ඉඩ හැරීමේ හැකියාවට අමතරව වඩාත් දියුණු medical bandage (වෛද්‍යමය ආවරණ) සඳහා අවශ්‍ය සායම් කිරීමේ (වර්ණ ගැන්වීමේ) හැකියාවද තිබේ. සායම් ගල්වා එම වර්ණ රඳවාගැනීමට සාමාන්‍ය සිල්ක් රෙදි වල අපහසුතාවයද මෙමගින් මග හැරි ඇත.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක විභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/E65l1Q1vUSA?t=2

0 comments:

Post a Comment