May 11, 2018

සුදුවන් දත් දෙපෙලකට


දත් කහ පැහැ වීමට හේතු කාරනා ගනනාවක් ඇත.
කෝපි පානය
දුම් පානය
දුම් කොල කෑම
ඇල්කොහොල් පානය
දත්වල දුර්වලතා
ආහාර පැවතුම්
ස්වභාවිකව දත් සුදු වීමේ ක්‍රමවේදයන් පිලිබදව ඹබත් මීට පෙර අසා සිටියාද?කෙසෙල් ලෙලි වලින්
දත් සුදු වන බව මිට පෙර දැන සිටියාද?

කෙසෙල් වල සැලිසික් සහ සිට්ට්‍රික් ඇසිඩ් අඩංගු වේ .මේවා ස්වභාවික පිරිසිදු කාරක ලෙස ක්‍රියා කරයි.
දත් සුදු වනවා පමණක් නොව කෙසෙල් වල මැග්නීසියම් ,පොටෑසියම් සහ මැන්ගනෙස් අඩංගු බැවින් දත් ශක්තිමත් කරවයි.කෙසෙල් ලෙල්ලක් ගෙන එහි ඇතුල් පැත්තෙන් දත් විනාඩි 05 ක් පමණ පිරිමදින්න.
ලෙමන් මෙහිද සිට්ට්‍රික් ඇසිඩ් අඩංගු වේ .මෙයද ප්‍රභල ඇන්ටිඔක්සිජන් එකක් වන අතර ප්‍රභල බැක්ටීරීයා නාශකයකි.මෙහි විටමින් සී අඩංගු බැව්න් දත් වලට ශක්තිමත් බවක් ලබා දෙයි.
දත් සුදු විම සදහා ලෙමන් යුෂ ලුණු සමග හෝ බේකින් සෝඩා සමග මිශ්‍ර කර භාවිතා කල හැක. බේකින් සෝඩා දෙහි යුෂ සමග මිශ්‍ර කරන්න
දෙහි යුෂ සමග බේකින් සෝඩා මිශ්‍ර කිරීම ද තවත් සාර්ථක ක්‍රමයක්. දෙහි යුෂ තේ හැඳි භාගයකට බේකින් සෝඩා තේ හැඳි භාගයක් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. පෙර පරිදිම දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැද විනාඩියකින් පමණ හොඳින් සෝදා හරින්න.
දෙහි වල ඇති ඇසිඩ් ගතිය නිසා බොහෝ දන්ත වෛද්‍යවරුන් මෙම ක්‍රමය අනුමත නොකරයි. ඒ නිසා මෙම ක්‍රමය භාවිත කිරීමේදී බොහෝ සැලකිලිමත් විය යුතුය.
                                                        

බේකින් සෝඩා හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් සමග මිශ්‍ර කිරීම
හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් කියන්නෙත් දත් සුදු කිරීම සඳහා යොදා ගත හැකි තවත් ඉතා හොඳ ද්‍රව්‍යයකි. හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් තේ හැඳි භාගයක් සහ බේකින් සෝදා තේ හැන්දක් හොඳින් මිශ්‍ර කර පේස්ට් එකක් සදා ගන්න. කලින් විධියටම එයින් දත් මැද විනාඩි දෙකකින් පමණ වතුර හෝ මුඛ සෝදනයක් මගින් සෝදා හරින්න. හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් ෆාමසියකින් ඔබට මිලදී ගන්න පුළුවන්. මෙය දුඹුරු පැහැති බෝතලයක දමා ආලෝකය හා ප්‍රතික්‍රියා නොකන ලෙස ගබඩා කර ඇත.
 දත් බෙහෙත් සමග බේකින් සෝදා මිශ්‍ර කිරීම
ඔබ සාමාන්‍යයයෙන් භාවිත කරන දත් බෙහෙත්වලට බේකින් සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර එයින් දත් මැදීමෙන්ද ඔබට දත් සුදු කර ගත හැක. ඔබ වෙනදා භාවිත කරන තරමටම දත් බෙහෙත් ගෙන එයට බේකින් සෝඩා ඉතාම ස්වල්පය ඉසින්න. එයින් දත් මැද ඉහත කී පරිදිම සෝදා හරින්න.
                                              
තවද කහ සමග පොල්තෙල් සහ කුරැදු කුඩු මිශ්‍ර කර දත් මැදීම ස්වභාවික දත් සුදු වන ක්‍රමයකි.මෙම මිශ්‍රණයට කෝමාරිකා යුෂ ද එකතු කල හැක.කෝමාරිකා මගින් දත් වලමැලියම් ඇති වීම වලක්වයි.


උපුටා ගැනිම -අන්තර්ජාලය

0 comments:

Post a Comment