May 8, 2018

පෘථිවියේ සෑමතැනකම පැවතුන උණුසුම්ම අප්‍රියෙල් මාසය


පෘථිවියේ සෑමතැනකම පසුගිය අප්‍රේල් මාසයේදී ඉහළම අගයක් සහිත උෂ්ණත්වයක් පැවතුන බව විද්‍යාඥයන් වාර්තා කර තිබේ. මේ මැයි මාසය ආරම්භය පමණක් වුවත් දරුණු ආන්තික උෂ්ණත්ව තත්ත්ව පිළිබද නව ප්‍රමිතීන් මේ වසරේදී ඇතිවෙමින් පවතින බවට සාක්ෂි පහළ වි තිබේ. නවතම උදාහරණය වන්නේ පකිස්තානයේ Nawabshah (නවාබ්ෂා) ප්‍රදේශයෙන් අප්‍රේල් 30 වනදා වාර්තා වූ  50.2 ° C (122.4 ° F) ක උෂ්ණත්වයයි. ලොව පුරා කාන්තාර නොවන ප්‍රදේශවල ඇති පිළිගත් කාලගුණ මධ්‍යස්ථානයකින් අප්‍රේල් මාසයේදී මෙතෙක් වාර්තා වූ උණුසුම්ම උෂ්ණත්වය මෙය බව කාලගුණ විද්‍යාඥයින්ගේ විශ්වාෂයයි.  

ලෝක කාලගුණවිද්‍යා සංවිධානය විසින් පෘථිවිය සඳහා මාසික උෂ්ණත්ව සංඛ්‍යාලේඛන පිළිබඳ නිල වාර්තාවක් සාමාන්‍යයෙන් නොසපයන බැවින් උණුසුම්ම අප්‍රේල් උෂ්ණත්වය මෙය බව ස්ථිරව ප්‍රකාශයට පත් කළ නොහැකිය. තවද 2001 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙක්සිකෝහි සැන්ටා රෝසා නගරය 51.0ºC (123.8ºF) ක ඉහළ උෂ්ණත්වයක් වාර්තා කළ නමුත් කාලගුණ විද්‍යාඥ ආචාර්ය Christopher Burt (ක්‍රිස්ටෝෆර් බර්ට්) වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පතට එම වාර්තාවල "විශ්වෂනීයත්වය සැක සහිත" බව විස්තර කර තිබේ.

මෙවැනි වාර්තා අහඹුලෙස වාර්තා නොවන අතර පාකිස්තානයේ හා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වල ජුලි මාසය සඳහා දැඩි උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්ත්වයන් අත්විඳිමට සිදුවනු ඇතැයිද එය වසන්ත කාලය සඳහා අදාල ප්‍රස්ථාරවලට වඩා වෙනස්වනු ඇතැයිද සදහන් වේ. උතුරු හා නැගෙනහිර ඉන්දියන් සාගරයේ දැවැන්ත උණුසුම් ජල ස්කන්ධයක බලපෑම මෙම තත්වය ක්‍රියාත්මක වීමට හේතුවේ.

නගරවල උෂ්ණත්වය මැනීමේ වෘත්තීය ජාලයක් වූ ogimet.com මගින්  නවාබ්ෂා උෂ්ණත්ව අගය අප්‍රේල් මාසය සදහා ලෝක වාර්තාවක් බව ප්‍රථම වරට සදහන් කළේ ප්‍රංශ ජාතික කාලගුණ විද්‍යාඥ Etienne Kapikian විසිනි. වායු සමීකරණ හෝ අවම වශයෙන් විදුලි පංකා සම්පත් සහිත පුද්ගලයන්ගේ විදුලි ඉල්ලුම ඉහළ උෂ්ණත්වය නිසා වැඩි වි ඇත. අනිවාර්යයෙන්ම මෙය විදුලිය ඇනහිටීම් වලට හේතු වීම නිසා තත්වය වඩාත් දරුණු වි තිබේ. මිනිසුන්ගේ සිහිනැතිවීම්  පිලිබදව නිල වාර්තාද  පළවි ඇත.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment