May 1, 2018

සුදුළුණු හා මී පැණි භාවිතයෙන් බලගතු බෙහෙතක්


සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද?

ආහාර රසකිරීමට වගේම සුදුළුණු සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු ලුණු සතු වෙනවා. තවද සුදු ලුණු තුල අඩංගු වෙන ඇලිසින් නමැති පෝෂණ සංගටකය මගින් කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීම , රුධිර නාල තුල ලේ කැටි ඇති වීම වැළක්වීම , පිළිකා සෛල විනාශ කිරීම හා සිරුරට අහිතකර බැක්ටීරියා මර්ධනය කිරීම සිදු කරනවා. සුදුළුණු තුල කැලරි ගොඩක් අඩංගු නොවුනත් මැන්ගනීස් , විටමින් B6 , විටමින් C , සෙලේනියම් හා ෆයිබර් වැනි පෝෂණ සංගටකයන්ගෙන් කිසිදු අඩුවක්නැත.

සුදු ලූණු තුල හදවත් රෝග සහ දියවැඩියා රෝග සුව කිරීමේ ලා ගුණයක් පවතී.තවද සුදු ලූණු වල බැක්ටීරියා නාශක ගුණයක් ඇත.මෙය ඉතා ප්‍රබල බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි.පර්යේෂණ වලින් සොයා ගත් ආකාරයට සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා වල පරිවහන පද්ධතිය අක්‍රීය කරනු ලබයි
සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා ටොක්සින් හෙවත් රැහැම්නොලිපිඩ ස්‍රාවය වීම වලක්වයි.රැහැම්නොලිපිඩ මගින් රැධිරයේ සුදු රැධිරාණු විනාශ කරයි.
සුදු රැධිරාණු අපගේ ශරීරයේ ප්‍රධාන ආරක්ෂක පද්ධතියයි.සමහර බැක්ටීරියා විශේෂ  biofilms  සාදයි .
Pseudomonas aeruginosa  එක් උදාහරනයකි. එම විශේෂ මගින් විශාල සෞඛ්‍යය තර්ජන ඇතිවේ. biofilms  ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. සුදු ලූණු වල ඇති රසායනික දව්‍යය වලට බැක්ටීරියා   biofilms  වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.මෙම රසායන දව්‍යය ajoene ලෙස හදුනා ගෙන ඇත.
සුදු ලූණු වල ඇති ajoene නම් රසායනිකය  ප්‍රතිජීවයක් ලෙස භාවිතා කල හැකිය. මීයන් භාවිතා කර පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
මී  පැණි ගත් කල
මී පැණි ස්වභාවධර්මයෙන් ලැබුනු  දායාදයකි. මී පැණි විශ්වයේ ඇති නරක් නොවන එකම ආහාරයයි.
මී පැණි වලට ස්ඵටික ලෙස පැවතීමේ හැකියාව නොමැත.
 ආදි කාලයේදී ඊජිප්තු ජාතිකයන් විස්වාශ කලේ මී පැණි භාවිතයෙන් ආයුෂ වැඩි වන බවයි.
මී පැණි පැණි ස්වභාවික ඇන්ටිඔක්සිජන් කාරකයකි.
මී පැණි වල 80% ක සීනි ප්‍රතිශතයක් ඇත.
මී පැණිවල සංයුතිය
Fructose -38.2%    Glucose-31.3%    Maltose-7.1%   Sucrose-1.3%    Water-17.2%  Higher suger-1.5%Ash-0.2%     Other-3.2%
තවද යකඩ කැල්සියම් පොස්පරස් මැන්ගනීස් සහ ඇමයිනෝ අම්ල අඩංගු වේ.
විටමින් බී සහ සී ද අඩංගු වේ.

මී පැණි මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මී පැණි රැධිරයේ සුදු රැධිරාණු ශක්තිමත් කරයි.ඇන්ටිඔක්සිජන් අඩංගු බැවින් බැක්ටීරියා සහ දිලීර ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි.ව්‍යාජනක ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව ක්‍රියාකරයි.උදා E. coliStaphylococcus aureus and Pseudomonas aeruginos
වැනි  biofilms සාදන විශේෂ  මෙම ක්‍රියාවලිය පහසුකිරීමට මී පැණි වල ඇති සර්වසාධාරන ගතිලක්ෂණ හේතුකාරක වේ.
එනම් හයිට්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු වීම
ආම්ලිකතාවය
අධික සීනි සාන්ද්‍රනය
බාහිර ආස්‍රතිය මගින් බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව
phenolic acids, caffeic acid, p-coumaric acid and ellagic acid අඩංගුවීම.
ව්‍යාජනක ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව ක්‍රියාකරන ප්‍රොටීනයක්මී පැණි වල ඇති බව නවතම පර්යේෂණ වලින්  සොයා ගෙන ඇත.
පිලිකා සහ හදවත් රෝග පාලනයට මී පැණි වැදගත් වේ.
මී පැණි සහ කුරැදු  මිශ්‍ර කර ආහාරයට ගැනීම රැධිර කොලෙස්ටරෝල් සහ රැධිර පීඩනය පාලනයට වැදගත්ය.
මී පැණි සමට ඉතා වැදගත්ය.uv කිරණ වලින් සම ආරක්ෂා කරයි.සමට ලාබාල පෙනුමක් ලබා දෙයි.
මී පැණි සහ කිරි මුහුණ පිරිසිදුකාරකයක් ලෙස ක්‍රියා කරයි.
මී පැණිවල විටමින් සහ ඇන්ටිඔක්සිජන් අඩංගු වීම නිසා සම මතු පිට තුවාල සහ පිලිස්සුම් සුව කිරීමට වැදගත් වේ.
මී පැණි සහ කුරැදු  මිශ්‍ර කර ආහාරයට ගැනීම කැස්ස උණ වැනි රෝග පාලනයට වැදගත් වේ.
තවද මීපැ ණි මගින් දත් කැක්කුම, ඇසීමේ දුර්වලතා ,හුස්ම ගැනිමේ දුර්වලතා වැලැක්වීමට හේතු වේ.
මී පැණිඅමාශික බැක්ටීරියා රෝග සහ වාත රෝග වැලැක්වීමට හේතු වේ.
මී පැණි සහ කුරැදු  මිශ්‍ර කර ආහාරයට ගැනීම ආතරයිටීස්  රෝගය සහ මුත්‍ර ආසාදන පාලනයට හේතු වේ.
දැන් අපි බලමු මී පැණි හා සුදුළුණු භාවිතයෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන බලගතු බෙහෙතක් සාදා ගන්නා අන්දම.
අවශ්‍ය ද්‍රව්‍ය
සුදුළුණු ගෙඩි 3ක්
මී පැණි කෝප්පයක්
මුඩිය හොදින් වැසිය හැකි ජෝගුවක් ( උස ජෑම් බෝතලයක් වගේ හොදයි )
සාදා ගන්නා ආකාරය
ප්‍රථමයෙන් සුදුළුණු බික් ටික ගලවා වෙන් කර ගන්න. දැන් ඒවායේ පොතු සුද්ධ කර ගෙන හිස් ජෑම් බෝතලය තුලට පුරවා ගන්න. දැන් සුදු ලුණු බික් අතර ඇති හිඩැස් හොදින් පිරෙන සේ මී පැණි වක් කරන්න. හැන්දකින් එහා මෙහා කරමින් වායු බුබුළු නොසිටින සී මී පැණි පුරවන්න. අවසානයේ මුඩිය තඳින් වසා උෂ්ණත්වයට නිරාවරණය නොවන අයුරින් ශීතකරණයේ හෝ කාමර උෂ්ණත්වයේ දින කිහිපයක් තබන්න.
ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ වෙන යම් රෝගයක් වැලදීගෙන එන විටම / මුලික රෝග ලක්ෂණ පහල වෙන කොටම මෙයින් හැන්දක් අනුභව කරන්න. රෝගය සුව වෙන තුරුම දිනකට කිහිප වරක් මෙය සිදු කරන්න. රෝග ලක්ෂණ ඉක්මණින් පහවී ඔබට ක්ෂණික සුවයක් ලැබේවි.

උපුටා ගැනීම -අන්තර්ජාලය

0 comments:

Post a Comment